සෞන්දර්යය විෂයන්වල ප්‍රතිඵල ඇතුළත් සමස්ත ප්‍රතිඵල නිකුත් කරේ
අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ සෞන්දර්යය විෂයන්වල ප්‍රතිඵල ඇතුළත් සමස්ත ප්‍රතිඵල අද (03) දිනයේ දී නිකුත් කර තිබෙනවා.
විභාග දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, මෙම විභාගයේ ප්‍රතිඵල පසුගිය වසරේ සැප්තැම්බර් මස 23 වැනි දින නිකුත් කළ අතර, එම ප්රතිඵලවල සෞන්දර්යය විෂයන්වල ප්‍රතිඵල අඩංගු නොවූ බවයි.
ඒ අනුව අද දිනයේ දී සෞන්දර්ය විෂයන්වල ප්‍රතිඵල ඇතුළත් ව සමස්ත ප්‍රතිඵල දර්ශකය නිකුත් කිරීමට පියවර ගැනුණු බව ද එම නිවේදනයේ සඳහන්.
ඒ අනුව සමස්ත සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල ලබා ගැනීමට ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන
www.doenets.lk හෝ www.results.exams.gov.lk යන වෙබ් අඩවි වෙත පිවිසීමෙන් ඔබට එය ලබාගත හැකියි.