සාමාන්‍ය පෙළ විභාගය කල් දැමීමට කිසිදු තීරණයක් ගෙන නොමැත

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය කල් දැමීමට කිසිදු තීරණයක් ගෙන නොමැති බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී. ධර්මසේන පවසනවා.

අපොස සාමාන්‍ය පෙළ විභාගය ආරම්භ කිරීමට නියමිත ව ඇත්තේ, 2022 මැයි 23 දා යි.

මේ සමබන්ධයෙන් සමාජ මාධ්‍යය ඔස්සේ විභාගය කල් දැමුණු බවට පළ වුණු වාර්තා අසත්‍ය බව පැවසූ විභාග කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ, යම් හෙයකින් විභාගය කල් දැමීමේ අවශ්‍යතාවක් මතු වුවහොත් ඒ පිළිබඳ වහාම ප්‍රධාන ධාරාවේ විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය දැනුම්වත් කිරීමට කටයුට්සු කරන බව යි.

එබැවින් අනවශ්‍ය අසත්‍ය ප්‍රචාරවලට නො රැවටී ඉදිරියේ එළැඹෙන අපොස සමාන්‍ය පෙළ විභාගයට හොඳින් සූදානම් වන ලෙසත් ජනරාල්වරයා අවධාරණය කරනවා.

Spread the love

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!