විශ්වවිද්‍යාල සම්පුර්ණයෙන්ම විවෘත කළ නොහැකියි

විශ්වවිද්‍යාල සිසුන් බහුතරය නේවාසිකාගාරවල  සිටිමින් අධ්‍යාපනය ලැබීම හේතුවෙන් කොවිඩ් වසංගතය හමුවේ විශ්වවිද්‍යාල සම්පූර්ණයෙන් ආරම්භ කිරීම මේ මොහොතේ සිදු කළ නොහැකි බව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා මාධ්‍ය වෙත පැවසීය.

නේවාසිකාගාරවල ඇති සියලු පහසුකම් පොදුවේ භාවිත කිරීමට සිදු වීම හේතුවෙන් සිසුන් අතර කොවිඩ් පැතිර යෑම වේගවත් වීම වැළැක්විය නොහැකි බවත් හෙතෙම කියයි.

අධ්‍යයන කටයුතු සඳහා සිසුන් සියයට පනහක් කැඳවා තිබූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පීඨ තුනක් සහ වව්නියාව විශ්වවිද්‍යාලයේ කොටසක් වසා දැමීමට සිදු වූයේ මෙවැනි තත්ත්වයක් මතු වීම හේතුවෙන් බවත්  ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පමණක් නේවාසික සිසුන් 7000ක් පමණ සිටින බවද, අනෙකුත් විශ්වවිද්‍යාලවල ද අතිමහත් බහුතරය නේවාසික සිසුන් බවද ඒ මහතා කීවේය.

Spread the love

Leave a Reply

Your email address will not be published.

error: Content is protected !!